skip to main |
skip to sidebar
අහස තරමට ආදරේ
අහස තරමට
ආදරේ විය
පොළොව මෙන් දුක
උහුලනා ලෙස
සඳක් සේ සදි
කැලුම් විකසිත
දිනිඳු පරයා
හිනැහුනා ලොව..
සයුරු වෙරලත
මියෙන පෙණ පිඬු
ගසාගෙනවිත්
හැපෙනවිට ඉම
ඔබේ සුසුමින්
විකසිතව හද
මියෙනු කිමදැයි
නොදනි ඒ වග..
හලා හල විෂ
බඳුන් මතුවෙහි
ඔබේ සිත දුර
ගියෙන් මා හැර
හඬන්නට හුණු
කඳුලු කොතැනද
සුසුම් පමණක්
පිටව යන විට.
No comments:
Post a Comment