skip to main |
skip to sidebar
ජීවිතේ චිත්‍රපටිය
ජීවිතේ චිත්‍රපටියේ
රූප ඔබ විය.
ගීතයේ සංගීතයේ
පතුල ඔබ විය.
තිරකතාවේ නැති
සිහිනෙ ඔබ විය.
හදවතේ තිර හොලවලා
හමාගියෙ ඔබ.
නොරැඳිලා ගිය
සුළඟ ඔබමය.
*
කාසි මිදිවැල
මුදුනෙ පිපිලා
හිනැහුණේ ඔබ.
හිතූවත් මිදි කියා ඒ පල
මිදි නෙවෙයි ඒ
රන් පතන හිත !
*
මිදි වැලේ යට
මහ පොළොව මම.
ගලෙන් වැල්ලෙන්
හැදුණ මගෙ හිත
උණු වුණා ඔබෙ
මිදි පොකුර දැක.
නෙළන්නට බැරි
මිදි පොකුර දැක
කුමට බොරුවක්
කියමි මිතුරිය ?
තිත්ත මිදි නොව
තිත්ත කාසිය !
*
බලන් මිතුරිය
කිට්ටු වී
හදවතේ පතුලට.
මිදි වැලේ යට
පොළෝ පපුවේ
තණ පලස උඩ
පරවෙලා ඇත
ප්‍රේමයේ මල !
No comments:
Post a Comment