Pages

Monday, July 2, 2012

නුඹ මටද ආදරේ


විමසන්න මට හිතයි ඔබෙ සිත මටද ආදරේ
විමසන්න මට බයයි හොඳ හිත බිඳෙයිදෝ අපේ
හඟවන්නෙ කෙලෙස මගෙ හිත දුක් විඳිනවා මෙසේ
වැටහෙන්නෙ මා කෙරෙන් ඔබහට ආදරෙයි වගේ .........

පිණි බිංදු වැටෙන හිමිදිරියෙම සිනා කැන්දනා
සඳ කැළුම් ගලන රාත්‍රියෙත් මා අමතනා
හොඳ නරක දුකට විටකදි නුඹ මගේ ළඟ නිසා
මේ ආදරේද මිතුදමක්ද කියනවද ඔයා ........

නිදි නොමැති පාළු හැමරැය නුඹ මට මතක්වෙනා
රෑ නින්ද ගියත් හීන පුරයි නුඹ ළඟ ඉඳලා
හිත ඇති තැනකට ගියොතින් නුඹ මට පිටුපාලා
අමනාප වෙන්නෙ කොහොමද අපෙ මිතුදම බිඳලා .......

Asirini Wannithilaka

1 comment:

 

Sample text

Sample Text