Pages

Monday, July 2, 2012

රන් කැකුළී


රන්වන් රන් රන්වන් රන් රන් කැකුළී
රන් පාටට රුව බැබළෙන රන් කැකුළී
සුවඳ හමන සුවඳ මලකි රන් කැකුළී
සුවඳ දැනී බඹරු සොයති රන් කැකුළී

ඉමක් නැතුව සුවඳ හැමූ දසන්තයේ
ඒ සුවඳට එයි බඹරුන් දිගන්තයේ
සුපිපෙන්නට වෙර දරනා වසන්තයේ
ලොබ නොබඳිනු බඹරුනි ඇය සමීපයේ

සුපිපී නැති සුපිපෙන්නට ඇති තව කල්
දීග යන්න වයසත් නැති හරි හුරතල්
ඇය තවමත් මල් කැකුළකි බෝ සියුමැල්
දුරින් ඉන්න සුපිපෙන තුරු ඇය මනකල්

Dulanjali Rathnayake

No comments:

Post a Comment

 

Sample text

Sample Text