skip to main
|
skip to sidebar
***{නිසදැස්-කවි*** Nisades-Kavi}***
Social Icons
Pages
Home
Monday, April 30, 2012
වීතරාගි ආදරය
බුදු පුදට යන සඳ
හදවතේ පිරී යන
නිකෙලෙස් සිහිල මෙන
මා ඔබට බැඳි පෙම........
රත ලවන් තිරැ පටට
දෙනුවන් වෙතද ඉඟිදෙන
Read more »
නොමියෙමියි....කී ...ඔහු
ලියපන්න දුක් ගීයක් මළ දිනට මා කියා
නුඹ ගියාය - බොහෝ දුරකය රැගෙන _
සිත ගැවසෙන්නට හැරඅපේ සිත් අතර තුර......
වල දැමු සොහොන ලඟ - කිරිගරැඬ කොත් මත නොව
හීනී වැලි පිල්ලේ ලියා තබන්නට
Read more »
සියදිවි නසා(නො)ගනිමි
කරනු රිසියෙන්අවසන්
ගනු දෙනුව
වාතලය හා
තබා දෙතොලග
බදුන් ඉම
එක උගුරකින්
හිස් කරනු සිතේ
වස බදුන
දත් විලිස්සා කෝපාග්නි වූ බුද්ධිය
Read more »
රාත්‍රිය මැද හෙමින් මෝදුව
රාත්‍රිය මැද හෙමින් මෝදුව
දෑස් මත අහම්බෙන් සුපිපුන
හිත වසා සුසුවඳ ඉහිරුන
හද පුරා නවතින්න සැම දින...
Read more »
ආදරේ දුක උරුම හින්දා
තබා හිස මත නුඹේ දකුණත ඉන්නවාමයි ළඟ කියා
දුන් පොරොන්දුව ඉටු කරපු හැටි හිතාගන්නත් බැරි නිසා
ඔහේ දෙනයන ගලන කඳුලට නැවතුමක් තව නැති නිසා
හදේ මියැදෙන හැඟුම් පපුවට තාමත් බර වැඩිද මන්දා...
Read more »
සියෝතෙකු වී මම
පාට පාට අහස් කුසේ ........
පිහිනා යන තටු අහසේ .....
සියොතුන් සේ රූ විහිදා ....
පියබා යමි මා අහසේ ......
Read more »
Thursday, April 26, 2012
මුනිවත රකින්නෙමි....
අහන්න එපා ආයෙමත්
පිළිතුරක් දැනගන්න
මුනිවත රකින්නෙමි
දෙලොවක අතරමංව...
Read more »
Monday, April 23, 2012
පුංචි නංගියේ
රැ තුන්යම කිරි ඉල්ලා හඩන නංගියේ
රු අහසේ තරු කැටයට අම්මා කියන පැංචියේ
පියා නොමැති අපි දාලා අම්මා සුර ලොකෙට ගියා නංගියේ
නාඩා ඉදින් මටත් ඔය දුක් ගිනි දැනෙයි නංගියේ
Read more »
සඳ
තටු ඇවිත් සිතුවිල්ල මුසුවෙලා
වාතලය සිප ගන්නකොට
හිත ළගක ඔබ ඇවිත් වැතිරිලා
මගෙ වෙලා මගෙ ළගක.....
තරු පොකුරු සිනා සී පේවෙලා
නුබ ගැබක ඉන්නකොට
සඳ වෙලා ඔබ ඇවිත් නැවතිලා
Read more »
බුලත් අම්මා
දූවිලි මඩපුවක් ගෙඩි
කැරකි කැරකී හමා යයි.
සැඩ අව්ව ගිරයට
නගරය ම හසු ව ඇත.
උළා බුලත් කොළයෙහි
හමගැහුණු අතීතය
තලුමරන මහලු කිරිමව
හතරමං හන්දියේ
අම්බලමක් සේ ම වාඩි වී
අමුර්තය විකුණන !
Read more »
ප්‍රේමාගේ ප්‍රේමේ
නාග කන්‍යාවී
කැලණියේ හිඳින්නී
ප්‍රේම වීණාව වයන්නී
හිත යටින්
'ප්‍රේමේට' පෙම් බඳින්නී
නාග කන්‍යාවී
ප්‍රේමා නමින් උපන්නී
'ප්‍රේමේ' ම පතන්නී
Read more »
කෙන්දරේ
සිකුරා හතේ රජ වෙලාලු
පුරුවෙ පින පැදිලාලු
මගුල් තුලා හරියනවලු
මට මෙ කිසි දෙයක් තෙරෙන්නේ නෑ
Read more »
කොහොඹ ගස
කාත් කවුරුත්
නැති ව ම
පිළිකන්නේ ඔහේ හැදුණූ
ගස !
හදිස්සියක් වී
මූත්‍ර කරන්නට ගිය විට
පිළිකන්නට
පෙනුණි මට
Read more »
සින්ඩරෙල්ලා
එලා ඩිමයි කරදහිය
මේසය මත
ඔබා ගල් ගැහුන පින්සල වතුරේ
පොගවා ලිහිල් කොට පින්සලේ කෙදි
තොරා ගතිමි "කළු" පාට
අදින්නට රූපයක්...
Read more »
සැලූන් මාමා
බෝම ඈත ඉස්සර
තිබුණා මේ හන්දියේ හරි මැද
කොස් ගසක්
කාල වර්ණයෙන් සරීරෙම බැබලුණ
මට මතකයි තවමත්
ඒ කොස් ගහ පාමුල
ලෑලි පෙට්ටි සැලූන් කඩය
වෘක්ෂ දේවතාවුන්ගේ වුව
හිස හැදුව
Read more »
Sunday, April 22, 2012
වෙන්න ඇති
මීදුම් මැදින්
ඈත නොපෙනෙන මාවතක
තුරුළු වී නුඹේ උණුසුමට
ඇවිදයන විට
මොනතරම් සුන්දරද...
ඔබේ සුසුමෙන් මගේ පපුවට
Read more »
සිතිවිල්ල - ලතැවිල්ල - මම
සිතිවිල්ලද ඉවත හෙලමි
ළතැවිල්ලට මුලක් වු
සෙවනැල්ලද නොපෙනේවා
ඔබේ, ම'නෙතට දුකක් වු....
Read more »
Wednesday, April 11, 2012
හිත දකිනා හීනෙට මම
හිත දකිනා හීනෙට මම ආදරේ කරන්නම්
ඔබ දකිනා හැම මොහොතෙම සෙනෙහසේ ගිලෙන්නම්
අහිමි කියා දන්න නමුත් ඔබ නමින් රැඳෙන්නම්
ජීවිතේට අහිමි නමුත් ජීවිතේ ලියන්නම්
Read more »
නපුරැ දේවතාවි
කප්පරක් සැපවිදින
බිම්බරක් කාසි නදදෙන
මාලිගා දෙකක ගැවසෙන
දේවතාවියේ.....
Read more »
මනමාලයා පෝරැවේ සිට කී කවිය
මල් වතු ගල් වැටි සයුරට සැඟවී
රහසින් මිමිනු සොඳුරැ කතා
සිනමාහල්වල අඳුරේ ගුලිවී
රතදර උනුසුම සෙවු එදා.....
Read more »
Thursday, April 5, 2012
බලා ඉන්නෙමි
පාළුවේ තනිවෙලා
ඔහේ තිබ්බ මගේ හිතට
ඇතුල් වෙන්න
අවසරයක්වත් ඔයා ඉල්ලුවේ නෑ නේද..
ඒත් ඉතින් ඒ විදියට
මගේ හිතට ආව ඔයා
Read more »
මායාවකි සෙනෙහස
නිතරම සිත ඉකි බිඳිනා පාලු රාත්‍රියේ
අසරණ මා හඬවනවා පුංචි කුමරියේ
හිත පාලුයි නුඹ නැතිවී මගේ ලෝකයේ
ඉවසන් මා ඉන්නේ කොහොම පුංචි නංගියේ
Read more »
ආදරෙයි මං
හුඟ දවසක් තිස්සෙ
හිත මවපු හීන කන්දට
පුංචි වෙලාවකට සමු දෙන්න
මට සිද්ද උනා..
ඒත්..
එහෙම උනයි කියලා
හිතට කිසිම දුකක් නම්
දනුනෙම නෑ..
Read more »
හමුවුනා කාලයේ වැලි යට
ඔබ නිසා සසල වන හදවත
මුරගගා සොයන විට පිලිතුර
මෙයට පෙර කොයි තැනක
කොතනක
මුන ගැසි තිබුනාද මම ඔබ........
Read more »
ඝාතනය
මගේ සිත තුල කිමිද - වරින්වර දිනෙන් දින....
ඒ අතට මේ අතට - හැම තැනම සැරි සරා
හැමදාම හැම විටම - හැම දේම විචාරා
බලන කොට සිත පතර - ඒ අතට මේ අතට....
හැම දාම හැම තැනම - හමුවුනේ නුඹවමයි..
Read more »
Wednesday, April 4, 2012
කුලුදුල් ආදරය
කොතරම් කලත් උත්සහ
තිත් තබන්නට කදුලට
නැත නිවනක් නෙත් දෙක
කදුලින් පිරෙන්නට ........
ඔබ මා හමුවන මුල් දිනයේ
දැනුනා වූ ඒ හැගීම
Read more »
ග්‍රහ පල
අහෝ කේන්දරය..!!!
සිකුරා අහලකවත් නැත
ඇත්තේ නෙප්චූන්ය
ඌට නම් චූන් ය
Read more »
අනෝරා වැසි
හිරු දෙනෙත් බොඳ වේවි කළුවරේ හඬනකොට
වැහි කඳුළු සිත් අහස දෙපලු කර සැලෙනකොට
වලාකුළු සයන දුක් සීතලෙන් ගැහෙනකොට
මිහි කොපුල් දිය වේවි ලතැවුලෙන් තැවෙනකොට
Read more »
සෙනෙහසේ සුවඳ
මොහොතකට තනිවුනිද සෙනෙහසේ සුවද ළඟ....
සිත හොයය් හොර හොරෙන් ආදරය ඔබේ ළඟ...
තුන්යමේ සිත දවය් පෙම් සිහින කදුළු ගඟ....
මියගියද දහස්වර සැනසුමකි ඔබේ ළඟ....
Read more »
Tuesday, April 3, 2012
අනෝරා වැසි
හිරු දෙනෙත් බොඳ වේවි කළුවරේ හඬනකොට
වැහි කඳුළු සිත් අහස දෙපලු කර සැලෙනකොට
වලාකුළු සයන දුක් සීතලෙන් ගැහෙනකොට
මිහි කොපුල් දිය වේවි ලතැවුලෙන් තැවෙනකොට
Read more »
නවා ගත් සිත
නොදුටුවොතින් ඔබව
නෑසුනෝතින් හඬක් ඔබගේ
දැනුණා හිස් බව ලොවේ
එයද ප්‍රේමයේ ලක්ෂණේ...
Read more »
Monday, April 2, 2012
පාලුව
යාන්තමට තාමත්
රස්නෙ දෙන
වෙරල වැලි තලාවේ මම
ඒ හීනී වැලි අවුස්සා
පය තබමි
වෙරල ඒ අතට මේ අතට
රත්තරං පාට අහසේ
අලු පාට වලාකුලු පාවෙලා
කාන්සිය මගේ හිතේ වැඩි කලා....
රත්තරං පාට හිරැ බැබලිලා
කියන්නේ දුකක්දැයි නොතේරේ...
තනිවෙලා මේ කතරේ
කවුරැවත් නැ..අද වෙරලේ...
පාලුවට ගිය හිස් ඔරැ කඳන් මිස
ඉරිගිය මාදැල්..කැඩුනු
හබල් ලී
මට ගෙනා පාලුවම
වෙරලටත් ගෙනල්ලා...
හිටියාට හිත ඇතුලේ
තෙරපිලා..හදවතේ පතුලේම
සිරවෙලා...
Read more »
ආදරේ
ඔයා ආදරේ කරන්නේ වෙන කෙනෙක්ට
කමක් නෑ මං ඉවසන්නම්
ඔයාගේ සතුට ඒක නම්
මගේ සතුටත් ඒකම වේවි
Read more »
සැබෑ මිතුරුකම
මුලදී නම් අක්කේ නංගියේ
කියා ගත්ත ගමන්මය
හායි කිව්වේ නැතිනම්
බොරු තරහක් පෙන්වන්නේය
Read more »
මධුසමය
දෙන්න ඔය මාලය
වළලුත් තියන්න එතනින්ම
කෝ ඉතිං ඉක්මනට
Read more »
දුක
මේ ඇස්වලට අඬන්න
තව කඳුලු බිඳු එවන්න
මේ හිතට දුක හිතෙන්න
තව දුක සොයා එවන්න.....
Read more »
ඉඩෝරයක්
වේලුන ඉපල් අහසට දිගු කර දෑත
පෑදුන වැලි ගල්ද ගැන දුක්බර ගීත
සෑදුන පෑවිල්ල දිය බිඳුවක ශීත
සෙනහස සිසිල ගැන කොඳුරති දුර ඈත
Read more »
දිව මතුර ගොලු වෙලා
සඳ හෙමින් සැඟව ගිය
උදෑසන අහස මත
සුමුදු හිරැ රැස් දහර ඉතිරිලා....
ඔබේ වදනක් සොයන
සිතක් තනිවී තවම
සුසුම් හෙලමින් හිඳි
සැසලිලා......
Read more »
මගේ පින්සල
අමතක නොවන හැගීමක් බදු මගේ පින්සල
සතියකට දවස් 4 ක් වත් මගේ අතේමය...
මෙතරම් ලගින සිටින්නෙකු මතු ලොව ...
දෙමාපියන් පමණි පින්සල වෙනුවට.....
Read more »
වැස්ස දවසක
පරිසරය අදුරෙන් පුරවා
ගුප්ත රහසක් බදු ...
මෙවන් මොහොතක් දැක නොතිබුණි කිසිදා
සොබාදහමේ අපුරු නිමැවුමක් ද මේ ....
Read more »
මනුස්සකම
අයදින විටදී ලෝකය
මිනිසත්කම මගේ හිතින්
ලෝභ කමක් නැතිව පිදිමි
අතදිගහැර ගන්න කියා
අතරමගදි එක දවසක්
මට වාරැව නැතිව ගියා
මම වැපිරැ මනුස්සකම
අහක බලා යන්න ගියා.......
Read more »
( නො ) නිමි
ජීවිතය කවියක්ය
පන්හිඳක සටහන්ය
ඒ කවිය කිම රසය
කියනු බෑ කිවිදුන්ට
Read more »
සාගරය
පෘථිවිය වට කර ලස්සන කරනා ....
එකම දෙයක් ඇත මේ ලෝකේ ....
මුතු වන් කැට බදු ලස්සන දහරා
ගලති ගලති මේ සාගරයේ ...
Read more »
පළමු පෙම
ඔබ නොදැක ඉන්නනම්
බැහැ මට - ඇත්ත එහෙම නම්
ඉවසා ඉන්නෙ කොහොම මං
ඔබ තව ඈත්වෙනව නම්
Read more »
වැහි වලාකුළු
මේ හිස් අහස කලු කරද්දි
මුළු වටපිටාවම අඳුරු කරනකොට
තෙතින් බරවුන වැහි වළාකුලු ළඟ
මගෙ හිත දුකින් බරවුන.....
Read more »
වනාන්තරේ
සුළගක් වෙලා ..අහස මනරම් කරමින් ..
ලස්සන ලස්සන හරිත සාගරේ ගිලෙමින් ..
වනාන්තරේ නම් අම්මා වැජබෙයි..සදහට
ලස්සන කරමින් මුළු ලොව දසඅත ..
ජිවය පිරිපුන් සත්වයෝ සමගින් ..
වනාන්තරේ හරි හැඩකාරී .....
හිරු රැස් විහිදි රැස් වෙයි දසඅත ..
වනාන්තරේ දැන් මනමාලි ...
මෙච්චර ලස්සන මනමාලිට ..දැන්
සිදු වෙයි විපතක් සදහට අතළග...
මිනිසුන් දැන් දැන් විනාශ කරමින් ...
කුමක්ද මේ වන මවට කරන්නේ ...
Keshan Wasala
ලඟ කඳුලයි
සීතල පිනි ගාලා හැලෙන
මල් පෙතිවල රේනු මතට
සිත නලවන සුවඳ ගෙනෙන
මේ වගේ පැහැබර උදේක
ඔයා ලඟම තුරැලු වෙලා
හොර පූසෙක් වගේ ඉන්න......
Read more »
Sunday, April 1, 2012
නුඹ
ඔබේ දුක ඔබේ සතුට
ඔබේ ආදරය
මෙන්ම වෛරය
මමයි ඔබ මාගේ සඳයි
අමාවක අටවකද
මැදිවක
Read more »
අදිසිය
පාවෙලා ඇවිත් මහ රෑක පේන්නෙම නැතිවෙන්න සැඟවිලා ෴අදිසිය෴ ලෙසින් නුඹේ යහන අද්දරින් බලාගෙන ඉන්නවා හිතේ කිසි කැතක් නැතිවම....
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
Subscribe To
Posts
Atom
Posts
All Comments
Atom
All Comments
***{නිසදැස්-කවි*** Nisades-Kavi}***
Loading...
Pageviews
Followers
Popular Posts
වැස්ස දවසක
පරිසරය අදුරෙන් පුරවා ගුප්ත රහසක් බදු ... මෙවන් මොහොතක් දැක නොතිබුණි කිසිදා සොබාදහමේ අපුරු නිමැවුමක් ද මේ ....
සිත ලඟ තනි රැක්ක අහිමි පෙම
මගේ හිත ලඟ සුවඳ තවරපු නුඹේ සෙනෙහස සිහිනයක් විය ගන්න තුරලට වරම් අහිමිව දැස කඳුලින් බොඳ වෙලා ඇත මුවින් නොකියවු සෙනෙහසේ රඟ හදවතින් අප ව...
මරණය
මරණය මිට මොලවා ගෙන වන්දනාවේ අවුදින් අප කුලියට ගත් ජිවිතයක් ඔහේ ගෙවනවා ... ගෙනා ආයු ඉවර වෙලා යන්න දවස පැමිණියාම කාටත් නොකියම මෙලොවින්...
අසම්මත
දඟකරන නෙතුයුග කලත් ඉඟි බිඟි මවෙත . . සසල සිත දැඬිකොට හිදිමි නොදුටු විලසට .. වෙඳගිල්ලේ රඟන රන් මුදුව දුටු විට . . හැඟුණි නොහැකි වඟ ලං...
මගේම සොදුරිය
නොසීතූ පරිදි හමුවී නෙත් යුග රන්දා බැලු බැල්මෙන්ම පෙර භවයක සිත බන්දා අදහස් එකයි දෙදෙනා ගැලපෙන හන්දා මේ බව කතර තුල අප දෙදෙනා බැන්දා... ග...
තනිකම
මේ වෙසෙඟත් මයියංන සෑ වඳින්න සොර බොර වැවේ සුදු මහනෙල් මල් නෙලන්ට මං විතරයි……………. හැමදාමත් මුරුංගා ගස් ගිනි තියන්ට
හිතන් නෑ,මට හිතෙනවා
අතීතේ මාවත් දිගේ මං ඔහේ පියමන් කරනවා අතරමන් වෙයි හිතුන හැටියෙම හැරී ආපසු දුවනවා නුඹෙන් ලද දුක නුඹේ නිසාවෙන් අදත් රසකර විඳිනවා එහෙවු නු...
සරාගික
ඒ නෙතම ඒ තොල්ම ඒ බැමම ඒ නැබම සරාගික රස පිරැන දිවා රෑ පෙම් කෙලන අකිකරැ සිතින් විඳි හැඩකාර මේ වතම විඳින්නට මානයක් මතුවෙලා අන් රසක් මුලුහද...
අම්මා
පුංචි අතැගිලි ලා රෝස පාටින් දිලිසෙනා විට වින්ද සොව නම් අමතකව හිනැහුනි සක්වල දෙසට තරම් මහමෙර බර දරාගෙන ඔබ දුක් කදු උසට තවත් සිරිපා කමල ළග ...
නුඹ මගේ මෑණියන්
නුඹ මට ජීවිතය දුන්නා.. ඉතින් මා නුඹ රැක ගන්නම් නුඹගේ දෑත් නැති වුවද.. අනුන් උසුළු විසුලු කලද යහළුවන් සිනාසුනද නෑදෑයන් කොන් කලද...
About Me
Unknown
Unknown
Unknown
තිලක් දයාසිරි
ලකීශාන්.
Powered by
Blogger
.
Labels
ආදරය
(14)
කාලීන
(16)
Blog Archive
Blog Archive
November (1)
July (50)
June (102)
May (183)
April (49)
March (6)
Sample text
Sample Text