Pages

Monday, April 2, 2012

මනුස්සකම

අයදින විටදී ලෝකය
මිනිසත්කම මගේ හිතින්
ලෝභ කමක් නැතිව පිදිමි
අතදිගහැර ගන්න කියා
අතරමගදි එක දවසක්
මට වාරැව නැතිව ගියා
මම වැපිරැ මනුස්සකම
අහක බලා යන්න ගියා.......



වැලපෙන විට ඔබේ හදවත
ආදරයක් දෙන්න කියා
හදවත විවරව පිදුවෙමි
හැම බිඳුවම ගන්න කියා
මගේ හිතට ආදරයෙන්
සැනසිමක් දෙන්න කියා
මගේ හදවත අයදින විට
ඔබත් නොදුටු විලස ගියා......



තිලක් දයාසිරි

No comments:

Post a Comment

 

Sample text

Sample Text