Pages

Monday, April 30, 2012

ආදරේ දුක උරුම හින්දා


තබා හිස මත නුඹේ දකුණත ඉන්නවාමයි ළඟ කියා
දුන් පොරොන්දුව ඉටු කරපු හැටි හිතාගන්නත් බැරි නිසා
ඔහේ දෙනයන ගලන කඳුලට නැවතුමක් තව නැති නිසා
හදේ මියැදෙන හැඟුම් පපුවට තාමත් බර වැඩිද මන්දා...


හිනා උණු මුව දකින්නත් නැත සිනාවන් කොහෙදෝ ගිහිල්ලා
ගලා යන රුහි බිඳු පවා තුල වේදනා කැටි වී ගිහිල්ලා
පුරා මසිතට දුන්නු සිහිනෙට ආදරේ අද අහිමි වීලා
බලා ඉමි තව දෙනෙත් අභියස මිරිඟුවද බොඳවී ගිහිල්ලා...

කඩා වැටෙනා පැතුම් පොදි වල බරද උහුලනු බැරිම හින්දා
ඔහේ තනි උනු හිතට අසරණ මතකයන් නොමැකෙන්න රන්දා
ගියත් අතහැර මගේ දිවිමග ඔබේ ගමනට අසිරි පතලා
ඉකිගසන හිත වාව ගන්නම් ආදරේ දුක උරුම හින්දා...

No comments:

Post a Comment

 

Sample text

Sample Text