Pages

Sunday, May 13, 2012

හිත හදාගන්න ඉඩදෙන්න

මේ ඇස් වලින් වැටෙන කඳුලු
ඔයාට පේන්නෙ නැති උනාට
ඒ කඳුලු කොච්චර බරද කියලා
ඔයාට කවදාහරිම දැනෙයි
එදාට මං කොහෙද කියලා

මටවත් කියන්න බැරි වෙයි
මේ හැමදේම දාලා යන්න
මං හිත හදා ගත්ත දවසට
ඔයාගෙ ඇස් ඉස්සරහට එනවා මම
ඔය කකුල් දෙක අල්ලලා වැදලා
හිත හදාගෙන මට යන්න ඉඩ දෙන්න
එච්චරයි මහත්තයො මම ඉල්ලන්නෙ


Samudika Gunawardana

No comments:

Post a Comment

 

Sample text

Sample Text