skip to main |
skip to sidebar
හිනාවෙයි ළබැදිය
ගිනි තියන අව්
රස්නෙ මැදකදි
හුස්ම පිඹිනා
මුදු සිතැත්තිය
අතැර ගම් දොර
ගියත් දුරකට
තාම සිහිනයෙ හිනාවෙයි ළබැදිය.....
ළග ළගම
උන්නත් සිත්
නොවෙයි සැම
එකසේම පොහොසත්
කටු උනත්
තියෙනවා විටකදි
ඇමිණුනත් නොරිදවයි පයකට.....
වෙහෙස අමතකම
දිනයක රැයේ
මඟක රැදි නෙත්
කණ්ඩියේ සිටි
කදුළ අමතා මෙහෙම කිවුවා
ඉවුරු බිදමින් යන්න බැහැ නුඹට තහනම්......
No comments:
Post a Comment