Pages

Monday, May 14, 2012

නුඹ

සුළගටත් තරවටු කරන
ජෙල් ගාපු කොණ්ඩෙ
හැම විටම හීනි වෙන
නෙත් නිතර කතා බහ....

යන්තමට වල ගැසෙන
කෙට්ටු වුන කොපුලත්


බැහැ නොකියා බෙදාදෙන
හසරැල්ල මුව අඟක...

බැලු බැල්මට රවන
හිත නිතර විසිරිච්ච
සම සමව නොබෙදුවත්
කටහඩයි මම වසග....

හැම විටම රිද්දුවත්
හොරෙන් සෙවනැලි තබන
එපා වෙන්නෙම නැති
ඔයාගේ ඔය විදිහ.....

බෙදාගන්නටම බැරි
ආදරය නුඹම වුනු.





දිනිති දීපිකා

No comments:

Post a Comment

 

Sample text

Sample Text