Pages

Tuesday, May 15, 2012

ආන්න ආන්න සුර ලොව


ඊ පී එෆුයි ඊ ටී එෆුයි
බඩදිය සේ බෑවිලා
පණ ඇදල පණ ඇදල
ෆැක්ටරිය මිය ගියා
හිටපු ලොකු මහත් හොරු
පිට රටට චුත වුණා
බඩ සයින් ගුලි වෙලා
ජීවිතේ මහපු උන්
ඉඳිකටුව හිර කරන්
පුකේ බැඳි මකුළු දැල්
කඩා ගන්නට බැරුව
දස අතේ ණය වුණා..
දැන් අපේ රට හොඳයි
යුධ බියත් සුන් කළා
හෙට දියුණ වෙයි යකෝ
විදෙස් ධන ගලන්නට
පාර වල් ලොකු කළා..
ඒත් මොන මඟුලක් ද
හිඟන්නෝ බෝ වෙලා

Samanola Wijayarathna

No comments:

Post a Comment

 

Sample text

Sample Text