Pages

Wednesday, June 6, 2012

‎නුඹ


නුඹ,
අහහංකාර මගේ
දරදඬු හිත ඇතුලටම විත්
ඇද නේක විසිතුරු
කටුසටහන්
සඳ මැදියමේ
පෙරා ගත් කිරි සුදෙන්
කල්ක කොට ගල්වමින්
අනන්තවු ලෝකයේ
තවත් එක පුංචි ඉසඹුවක්
මා කෙරේ නිම වු අපූරුව..

බොහෝකල් එකට ආ
නුඹේ ඔය මහා ප්‍රේමය
කුටුම්භ ගතකොට
ඉනික්බිති
නිහඬව දරා ගත් කඳුලැලි
ඇස්කෙවෙනි යට
රහසින් නොපෙනෙන්න මා නෙතට

නුඹ,
සොරා ගත් මගේ සිත
පමණක් ද නැත මගේ
මුලු ආත්මය.
පරසතුන් මලින් පුදමින්
රකිමි මට මේ මහා
නුඹේ ප්‍රේමය.

Umandā Jayobandara

No comments:

Post a Comment

 

Sample text

Sample Text