හැමදාමත් මෙහෙම ඉතින්
මට නම් බැහැ තනිව ඉන්න
කියන තරම් ලොකු සෝබන
නැතිව ඉතින් එක්ක යන්න....
හතර පැත්ත එකතු කරන්
මඟුල් ගන්න බලා ඉන්න
එහෙම දවස් අපිට එයිද
තව කොච්චර කලක් යයිද....
හිතේ පිපෙන මල් සේරම
හිත අස්සෙම මැරිල යන්නෙ
මගේ කියලා සුවද දෙන්න
කවදද මම ලොවට දෙන්නෙ....
අපිට ඉතින් අපිම ඉන්නෙ
තව මොනවද බලා ඉන්නෙ
කවි හිත ඇති දරා ගන්න
ඉක්මනින්ම කැන්ද යන්න.....
දිනිති දීපිකා
No comments:
Post a Comment