Pages

Wednesday, June 6, 2012

විරසක නුඹට


දුහුල් සේල විවර කරන්
හොරෙහින් එබිකම් කරමින්
කෝල පාන සඳ සාවිට
ගතු කියන්නේ කෙලෙසද මම

අහස්ගව්ව පසු කරාන
ඉඟිල එන්න බැරි නිසාම
සුසුම් ලමින් රෑ පුරාම
නෙතු හැඬු හැටි දන්නවාද

මේ සඳේම සඳ කිරණේ
මගේ සිතුවිලි ගොතා එවමි 
විරසක වුන නුඹේ සිතට
ඒ සිතුවිළි දිඟ හරින්න

සඳ සාවිත් දනි ඔන්න
නිදි නොලබා රෑ පුරාම
නුඹේ රුදුරු වදන් වලට
මසිත දැවුන තරම් කොහොම . .

No comments:

Post a Comment

 

Sample text

Sample Text