Pages

Wednesday, June 6, 2012

ඔබ දේදුන්න


ඔබ දේදුන්න
මන්දාරම් අහසේ
වැටෙන විට වැහි බිංදු
මැකී නොපෙනී යන

මේ කටුක දිවි කතරේ
පිපාසිතව මා යන ගමනේ
මිරිඟු දියකි ඔබ මට
කිසි විට ලන් නොවන

නීල නිල් අඹරේ
පායන්න ඔබ සොඳුරු වත
පහන් තරුව විලසේ
සහන් එළියක්ව දිවි මගට

වෙහෙස කර දිවි ගමනේ
ගලන්න ඔබ දොළ පාරක්ව
නිවා ලන්න පෙම් පවස
රැගෙන එන්න වසන්තය...

වස්සාන සිහිනය

No comments:

Post a Comment

 

Sample text

Sample Text