skip to main |
skip to sidebar
ශිල්ප ලබනට ආවෙමි කොලොම්පුර
මතු රැකෙන ශිල්පය
උගත යුතු යැයි මනා
සිත සිතා වෙහෙසකර
අවසනම ගොඩවැදුණි
තිඹිරිගෙට කොළඹම.....
සතිස් මහා ශිල්පයක්
ඇවැසි නැතිමුත්
සොලොස් කලා ශිල්පයම
නොදත් මුත්
ගෙන්දගම් පොළවෙ
සූ සැටක් නෙක
දෑ බොහෝ හමුවුණිය...
රතු පාට ඉර ගිනි ගන්න
හැන්දෑවකදි
ගෝල්ෆේස් මුහුද ළග
සුළග මහන්සියටත්
හුස්ම ගන්නේ සීරුවෙන්
හීරිලා යන හද පතුල
රිදෙයි යැයි බෝ දුකිනි....
ලා කහපාට සඳ තවරද්දි බිම
සීතලක් දෙන්නට රැයේ
බුර බුරා දුම් දමයි
කතා නැතිවම තාර පාරත්....
පොත අතට ගෙන
හීන කන්දක පාමුලක සිට
වට්ටක්කා හොද්දෙ පීනනා
පැතුම් මල්
ගිල ගන්නා
සුදු හාලෙ බෙරි බතට
තල්ලුවක් දෙයි
අද නොවෙයි හෙට පිපෙයි කුසුම්.....
දුක පඳුරු ලන
කොන්ක්‍රිට් පුරවරක
දිසාපාමොක් හමු නොවුන මුත්
ටකරන් වහලෙ යට
බෝඩ්ම් කාමරේ
මුල් අදියි නෙත් මුලක
හැමදාම කොනහමින්
පෙර නිමිති නම් නුග පැළය......
සුවඳ මිනිසුන් නොහමුවුන මුත්
මහළු මැයි මාර ගස්
අළු පාට පොතු ගලවගෙන
කියන්නේ උනුන් පෙර දවසෙ
විඳි ගැහැට අපමණක්.....
වෙල් එළියෙ හමා එන
ගම්මානෙ පොට්ටු කුසුම්
හසරැල්ල සොය සොයා
පිහිනති පෙර මෙන්ම
මතු මතුත්
සිප් කිරි උර උරා
දික් විජය කරන්නට ශාස්ත්‍රයෙ අකුරු.....
No comments:
Post a Comment