Pages

Sunday, June 10, 2012

පොරොන්දු


ඔබත් එක්ක සහේ ඇවිත් 
සිව් අවුරුදු ගෙවුනා දැන්
දෙනවා කිව්ව කිසිම දෙයක්
හම්බවුනේ නැහැ

සම්බෝලයි බතුයි කන්න
මුලදිම මම බැහැයි කිව්වා
මල් වැටිච්ච ගවුම් වලට
දැන් අදින්නේ දිග කලිසන්

අවුරුද්දක් යන්න කලින්
හදනවා කිව්ව මාලිගාව
දඩුමොනරය වෙනස් කරලා
ගන්නවා කිව්ව රෝද හතර

ලගට ගන්න කලින් කියපු
සුරංගනා කතා වලට
ඇයි දැන් මුනිවත දරාන
උමතු වෙලා වගේ ඉන්නේ

සත්තයි මම ආයේ නම්
කිසිම දෙයක් නැහැ අහන්නේ
මක්කයි ඔබේ ඔය උමතුව
අත් නොහරින්නේ

අපි ඉස්සර වගේ දැනුත්
සුරංගනා කතා කියමු
ඉවසන්නට බැහැ මට ඔය
ගල් හිත නම් දැන්

Anjali Jayasundara

No comments:

Post a Comment

 

Sample text

Sample Text