නිහඩ නිසංසල සිත් නිවනා මොහොතේ
හඩ නගයි හදවත් සයුරේ රල නගන විලසේ
වෙරල කොනට පිය නගන පර වුනු මලක් සේ
සිත හඩවයි පුර පුරා නැගෙන රල පහර සේ
පාසල් කාලය නිමයි අරබයි සරසවි දිවිය
ආදරයක් සිත් දැවටුණු මොහොත සීමිතය
කොතරම් කල් ගියද සිත තනිකම රජ කල
වෙනසක් වුනි මුළු දිවියම අමුතුම ලෙසට
ඈ සිසුවියක් වන සුදු ඇදුමින් හැඩවුණු
මා ගුරු පිය තුමන් සිප් සතරට මග පෙන්නු
සිත නතර විය ඈ සිත අද්දර කඩුල්ලේ
එගොඩ වන්නට අවසර නැත මේ පිම්මේ
ආදරයක් ඇති වුනි අමුතුම ලෙසකින්
අසරණ කර සියල්ල ඈ ආදරය නිසා
ජීවිතය ඒ ආදරය පතනා බවක් හැගේ
අවසරක් ලැබෙයි දෝ සිත සනසන්නට හැමදාට
No comments:
Post a Comment