Pages

Sunday, June 10, 2012

සිහිනයක්


සිඳු වෙරළ නුඹයි - දිය රැළිති මමයි 
රෑ අහස නුඹයි - තනි තරුව මමයි
පිපි තඹර නුඹයි - එහි සුවඳ මමයි
මගේ හිතම නුඹයි - හද ගැස්ම නුඹයි ..

වෙරළ සොයා රැළි නැගෙන තරම්
තරු කැකුළ රැයක් එළි කරන තරම්
මල් සුවඳ දිගන්තයේ සරණ තරම්
නුඹේ පෙම මනරම්
ඒ පෙම් සයුරේ කිමිදී සැනහෙම් ....

සිහිනයක් වෙලා නෙතු මත නිදමි
අරමුණක් වෙලා නිති ළඟ රැඳෙමි 
පෙම් කවක් වෙලා සිත මත ගෙතෙමි
මම නුඹේම වෙමි
හද ගැස්ම ලෙසින් නිරතුරු රකිමි ...

Gayani Dikkumbura

No comments:

Post a Comment

 

Sample text

Sample Text