Pages

Sunday, June 10, 2012

සිහි කරමි


හැර ගියත් නික්මී 
ඔබ ගැනම සිහි කරමි
මතක මත සිරවී
ඔබ ඇවිත් සිහිනය වී

මේකුළට තනිකම දී
සඳ බැස ගියත් හිනැහී
සඳ නොමැති අහසක දී
තරුවක් ලෙසින් හිඳිමි

කඳුලක් ඇසෙන් ගිලිහි
අවුදින් ඔබ අසාවි 
ඔබ මගෙම බැව් සිහිවී
මට ඉන්න බෑ තනිවී

Gayani Dikkumbura

No comments:

Post a Comment

 

Sample text

Sample Text