Pages

Sunday, June 10, 2012

කැකු‎ළි


ඔක්කෙ ඉදන් මක්කැයි පැට්ටියේ වැලපෙන්නේ 
පරක් වෙයන් අප්පොච්චා දැන් මග එන්නේ
පැල් කොටේට සඳ දෙයියොත් එබී බලන්නේ
මයෙ දෙයියෝ ඇයි මේ හැටි සුනංගු වෙන්නේ??

මුව පොවුවෙක් ඌරු මොටෙක් බාගෙන එන්න
ගිරි දුන්ගෙට ගැච්චුවේ අද හිමිදිරි වෙන්න
බැද්ද දිගට අන්දර කටු යායයි ඔන්න
නෑහෙනවද දෙයියෝ මගෙ මේ යාදින්න??

කාන්සියට කන් පොජ්ජට කොඳුරපු මුකුලී
පැල් කොටේට පුසුඹ අරන් ගච්චපු උපුලී
මයෙ දෙයියෝ මක්කද අද වීදෝ අපුලී
මං නෙමෙන්ද හඳුන් පතේ ඉඩ ගත් කැකුළි,,????

Sudanthi Anuruddhika

No comments:

Post a Comment

 

Sample text

Sample Text