skip to main |
skip to sidebar
ආදරණිය තාත්තාට ලියන වගයි.
ගිලුන ඇස් අග
රැදුන කඳුලක්
උපැස් යුවලට
යටවෙලා..
සමද රැලි වී
හකු ඉලිප්පී
මුහුණ දිගුවී
පෙනෙනවා..
පපු කුහර මත
රැඳුනු සීතල
සුසුම් රැලී විත්
පාවෙලා..
දණ ඔබාගෙන
වැන්ද විට දී
ඔබේ සිත ඇත
ගොලුවෙලා...
හදවතේ ඇති
ගැඹුරු තැනකදි
ආදරය ඇත
සැඟවිලා..
පියාණනි මතු
නිවන් දකිනට
පතන්නෙමි මම
ඔබෙ වෙලා.*
No comments:
Post a Comment