Pages

Saturday, June 2, 2012

මුලාව


උදයේ පිපි මලක් වගේ
හරි ලස්සන කෙල්ලකි ඇය
මුළු ගම් පියසේම උන්න
සමනළියක සේ අවිහිංසක

සිදාදියට යන්නෙ ඇයත්
සේවෙට සන්නලි ලෙසින්
නුහුරු හැඟුම් අරුමෝසම්
මැද ඇය වන්නේ වල්මත්

බඹරු දෙබරු කැරකෙන්නේ
රොන් ගන්නයි නෑ දන්නේ
ආදරයයි කියා සිතන්
මුලාවකයි ඇය උන්නේ

ඇය ඇය ආලෙන් මත් වන්නේ
සතු සැම දේ පුද දෙන්නේ
හද පිරි ආදරයෙන් නේ
නෑ දුර දිග සිතන්නේ

ටික කාලෙකි ගත වන්නේ
නෑ ආදරෙ පෙරවාගේ
ඔහු නෑ දැන් හමුවන්නේ
නොසිතු දෙයකි සිදු වන්නේ

නුඔ අතිනත විකිනෙන්නේ
කවුරුත් නෑ පිළි ගන්නේ
යන එන මං නැතිවන්නේ
මහ පාරයි හිමි වන්නේ.....

වස්සාන සිහිනය

No comments:

Post a Comment

 

Sample text

Sample Text