Pages

Saturday, June 2, 2012

පින්සාර ඔබ


පින්සාර ඔබේ හිතේ ළඟ ඉන්න ඉඩ දෙන්න.....
සංසාර මතු බවේ පෙම් පැතුම් පුරවන්න........
දුක්සාර දිවි මගේ කටු කොහොල් ජය ගන්න.....
මගේ හද විල් තෙරට ඉදුවරක් වී ඉන්න.......

ඝනදුරින් පිරි ලොවට මිනි පහනකි ඔබේ නුවන්.....
දුකින් පිරි මගේ ලොවට දිව ඔසු වකි ඔබේ වදන්.....
පැතුම් දුන් මගේ සිතට ඉදුවරකි ඔබේ ලවන්......
ඉතින් මා සිපගන්න සුසුම්ලන ඔය හිතින්........

දෝතින් ගත් සෙනෙහස මගේ ලය මතට.......
තුරුළු කර ගතිමි හද රැදී උණුසුමට......
ගජමුතු මිනක් සේ... අගනා හද පෙමට
හිමිකම් කියන්නෙමි ඉදු නෙතු සෙවන යට....

No comments:

Post a Comment

 

Sample text

Sample Text