Pages

Sunday, June 10, 2012

සුරැකි මතකය


මතකද ඔබට 
ඔබ දුන් රතු රෝස මල
අහෝ ,,,,
එය සැනින් පරවිය
ශෛලමය මතකයන්
මට පමණක් ඉතිරිකර

මතකද ඔබට
දුන් පළමු හාදුව
අහෝ,,,,
නැත එවන් මතකයන්
සගවා ගත්තේ අහිපිල්ලම යට
මා පමණක් නිසා 

අද විමසන විට විමතියෙන්
සුරැකි අයුරු හැමදේ
මේ හමුවීමත් ,,,,
නොමැත විමතියක්
මා ඔබට දුවිල්ලක් වූ නිසා

Anjali Jayasundara

No comments:

Post a Comment

 

Sample text

Sample Text