skip to main |
skip to sidebar
සසල වූ සිත
සසල වූ සිත නිසල කරවන
ඔබ
විටෙක මෘදුය
විටෙක දැඩිය
ආදරයත් එසේමය
ගල් පරළු මත රල වැදී
විසිරෙන්නා සේ
ආදර සිතිවිලි පිබිදෙයි
සිඳී බිඳී විසිරී යයි
රල පෙරලි පෙරලී ගොඩට ඇදෙන්නා සේ
විටෙක දුක කම්කටොලු මැද
ආදරයක් ජය ලබයි
එවැන්නෝ පින්කර ඇත්දැයි මට හිතෙයි
එනමුදු ආදරය මායාවක් බව
ඔබට නොහැගේද??????
මන්ද
ගසාවිත් රල ගොඩට
යලිත් මුහුදට ඇදෙන බැවින්.....
No comments:
Post a Comment