අවුව යට වහන්වී, ටවුම මැද ගිනි ගහන
මුවා කොට ඉරද, කුඩයෙන් කැඩුණ
ඉඳි කටුව සමඟ තංගුස් පොට රැගෙන
මසාලයි පාවහන්, නොව ජීවිතේ ඉරුණ......
පුරුද්දයි කුඩ ණනද එකින් එක ගෙන
කාසි නැතුවාට නොඒවිද හැමදාම ගොම්මන
අඳුරත් රැගෙන නිවස වෙත් පියමනින
තව තවත් අමුණාවි ඔහු කැඩුණු ජීවිතේ දින........
No comments:
Post a Comment