බුදු හිමියන් දුන්නා වූ ඒ කුසුමේ ........
මගේ පාළුව නෑ හිමියනි මතු දවසේ ........
මගේ අක්කා මා හට සැමදා ඉන්නේ ........
හිමියනි නුබ දුන්නේ ඒ මල මටනේ ........
රහසින් සගවා ඉස්සර හිටි දවසේ ......
මම තනියෙන් හිටියා ඒ කදුළු ගොඩේ ........
ගලන කදුළු දැක්කා නිසා ඔබ රහසේ ......
අක්කා නේද මට දුන්නේ ඒ මොහොතේ .....
දෙව් මැදුරකි හිමියනි මට මගේ අක්කා ......
පහනකි දැල්වෙන ඇය හද තුල සැමදා .......
හිමියනි ඒ මල අනන්ත ගුන සුවදයි සැමදා .........
මල්ලිගේ කදුළු ඇය අරගෙන තනිරැක්කා .......
හිමියනි ඒ ලස්සන මලේ සුවද සදා............
දසඅත පැතිරෙයි බුදු ගුණ සමග සදා .............
නුබ අපමණ ලස්සන මලක් වෙලා .......
සුවද දෙනු මැනේ අක්කේ දසත පුරා .......
නිසල දියේ පා වී යන නුබේ සෙනෙහේ .........
නිල් දිය දහරෙන් නිම්තෙර පිරි ගියේ ............
බුදු හිමියන් දුන්නේ ඒ සිත් කලබින් ..........
වටිනාමය දිය දෝතකි නුබ අක්කේ ........
දිය දෝතින් නුබ නහවා සතුටු මුවින් .........
ඒ මල සැමදා විකසිත මලක් වෙමින් ......
හිමියන් දුන් මල දැන් සතුටු සිතින් ..........
පිපි නටයි සැමදා මිහිපිට ඉරට කලින් .
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment