කෙතරම් යහපතක් සිතුවත් අනුන් වෙත ....
මාවෙත තිලින වන්නේ රළු වදන්මය .....
මෙතරම් දරුණු ඇයි මිනිසුන්ගේ ඇසුර.....
මට නම් නොතේරේ කොතනද එහිවරද .....
අත දුන් සුරත යලි ඉවතට ඇද දමලා.....
මිනිසුන් සතුටු වෙයි තිරිසන් ගති පාලා ....
මුල මැද අග පැටලී ඇත ගැටගැසිලා ....
කවදා කොහොම සැනසේවිද සිත නිවිලා......
නිතරම අනුන් වෙත දිගුකර තම ඇගිලී ....
පිසදා හරින්නට මානති තම වැරදි .....
නිවැරදි ලෙසින් ලෝකය දුටුවොත් පෙරදී ....
ඒ දිවි මගේ සුවදැති මල් පිදේවි ......
Madavi Wijesinghe
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment