skip to main |
skip to sidebar
පසුතැවීම
අවුකන සුදුබුදු රැස්කඳ
කලා වැවේ දිලිසෙන විට
අවුකන බුදු සමිඳුනි මට
කල වරදට සමාදෙන්න
පිය සෙනෙහස අඹවාලූ වැව් බැම්මේ හැපී බිඳෙන
සුදු පෙනකැටි වගේ මසිත සැමදා මහ දුකින් පෙලන
අවුකන සුදුබුදු රැස්කඳ
කලා වැවේ දිලිසෙන විට
අවුකන බුදු සමිඳුනි මට
කරුණාවේ පිහිට දෙන්න
නිල් කටරොඩු නිල් මහනෙල් සිහගිර තරමට පුදන්න
කලා වැවේ දිය අරගෙන පැන් වඩන්න වරම් දෙන්න
අවුකන සුදුබුදු රැස්කඳ
කලා වැවේ දිලිසෙන විට
අවුකන බුදු සමිඳුනි මගෙ
සීගිරියට වැඩම වන්න
No comments:
Post a Comment