ගමන් විස්තරය:
ලා හිරු රැස් සෙමින් වැදී
පිනි බිඳු එක දෙක නැතිවී
මල් කුමරියො සිනාසලන දවසක් ඒවි,,,,,
පාට පාට සමනලයෙක්
උදේ රැයින් පිටත් වෙලා
සවාරි යන්නට ඔබ අප සොයාන ඒවි,,,
සමනල තටුවේ ඉඳගෙන
කුරුළු ගීතිකා ගය ගය
දේදුනු පාලමක් උඩින් අරගෙන යාවි,,,,,,
තේ මේසෙට පැණි බඹරෙක්
මල් පැණි ජෝගුවක් අරන්
එතැනදී යන සමනල තටුවට ගොඩ වේවි,,,,,
හවස් වෙද්දී යන කවුරුත්
වලාකුලක් යටට වෙලා
හිරි පොද වැස්සේ තෙමි තෙමි නැටුම් නටාවි,,,
රෑ බෝ වෙන්නට මත්තෙන්
සුරංගනාවක් ඇවිදින්
සුරංගනා ලෝකෙට යන මග පෙන්නාවි,,,
පොලෝ තලෙන් හුඟක් ඈත
සුරංගනා ලෝකෙක අපි
ඇවිද ඇවිද මල් එක්කන් කතා කරාවි,,,
සුරංගනා ඇඳුම් ඇදන්
සඳ සාවිගේ පිටේ ඉඳන්
හිමින් සැරේ ඉර බටු තරුවට ගොඩ වේවි,,,
සහභාගී වෙන අයුරු:
රියදුරු අසුනේ ඉමි මම
මගේ උදවුවට මල්ලිව
නොමිලේ මේ සවාරියට කැන්දන් යාවි,,,,,
යන්න කැමති අය වේනම්
ඉල්ලුම්පත් දැන් කැඳවමි
No comments:
Post a Comment