Pages

Sunday, May 13, 2012

තව මඟක


දේදුන්න විදුලි රේඛා
ගොරව ගොරවා සුලං එයි....

තැතිගැන්මෙ මම සැනසුමක්
සොය සොයා මඟ බලයි.....

වහින්නට අහසම හැඩ
වෙනා හැටි නම් පෙනෙයි....

නොතෙමෙන්න නම් මට
ඔබ සෙවණ ගෙන ආ යුතුයි.....

කියන්නට බැහැ දිය අරන්
අහසට නොඑන්නැයි කියා....

වැලපෙනා පොළව නියගයෙ
උන්නු හැටි හොඳටම මැවෙයි....

තෙත බිඳක් තොලගෑ විටදි
බිම්කඩ තුරුලිය සිනා දෙයි....

එවන් පැතුමන් හදේ තෙරපන්
මම තවම මේ මඟ බලයි.....

සෙමෙර ආසිරි විලස මල්
වැහි වැටෙයි නම් ඉතින්....

දරාගෙන මට ඉන්න හැකි
වෙයි ඇත්ත නම් එයමයි.....

අරුම බලගතු පෙමක් හින්දයි
තවත් මේ හැටි මඟක උන්නෙත්.....]

දිනිති දීපිකා

No comments:

Post a Comment

 

Sample text

Sample Text