Pages

Wednesday, May 2, 2012

පුතුනි මගේ

මගේ තුරුලේ උණුහුම මදි හිතුනාද පුතුනි
අම්මගේ ඇකය නුඹට සුව පහසු නැති වුනිද..
පුතුගේ අම්මා වන්න වරම් නැති ඇයි පුතුනි..
මවු කිරේ ශක්තියක් නොදැනුනිද මගේ පුතුනි..
අම්මගේ ආදරේ හැදිනුවේ නැති ලෙසින්


කිම පුතේ අම්මා අතැරලා දුර ගියේ..
ලය පැලී අම්මා මිය යාවි පුතුනේ
ආයේ එන්න මවු ලගට නැවත නොයනා ලෙසින්..
දස මසක් උසුලාන ලයේ ලේ කිරි කර
පුතු නමින් හිනා දැක්ක අම්මා මහාමෙරට ..
කිරිකැටි පුතු මගේ සුරතල් සිනා සමග
දකින්නට ඕනෑ ආයෙත් අම්මාට ..
ඇයි පුතුනි කියන් මට ගියේ නුඹ මේ ලෙසින්
පුතු මා අතෑරියේ නැවත නොඑනා ලෙසින්…..


Thath Sarani

No comments:

Post a Comment

 

Sample text

Sample Text