Pages

Sunday, May 13, 2012

මියගිය ප්‍රේමය

මා මිය ගිය දිනක එන්න..
මා බලන්න ඇවිත් යන්න..
කිසි දිනයක නොහෙලූ ..
කඳුළු එක බිදුවක් හෙලලා යන්න..
දෑස තදින් පිය උනාට..
දෙකොපුල් සීතල උනාට..


පෙර පැවතු ආදරය සිහිකර..
නළලේ හාදුවක් තබන්න..
නෙත් දහසක් බලා හිදී..
මුවගට කර කිසිත් නොකියා..
පස් මිටක් දාල යන්න..
සොහොන් ගැබෙන් ඔබ පිටවන විට...
මට මහා තනිකමක් දැනෙයි..
මිනි මලක් ලගින් තබා..
අපහු නොබලා යන්න..


Gayan Sanjeewa Obris

No comments:

Post a Comment

 

Sample text

Sample Text