Pages

Sunday, May 13, 2012

සුබ ගමන්


හ්ම්..
යන්න එහෙනම්
කමක් නෑ
හැබැයි පොඩි ප්‍රශ්නයක්..
මටත් හොරෙන් මගේ හිතට ආව ඔයා
ඒ හිතින්ම
සමුගන්න අවසර ඉල්ලන්නෙ ඇයි??
හ්ම්.. කමක් නැහැ..
සමහරවිට
ඒක යුතුකමක් වෙන්න ඇති..

මගෙන් මෙච්චරකල් ගත්ත ආදරේට
ඒත්.., දාල යන ආදරේකට
යුතුකම් මොකටද??
මං දන්නෑ..
දැනගන්න ඕනිත් නෑ..
ඕක ගැන තව හිතන්න
හිත වාරුත් නෑ..
යන්නද කියලා අහපු වෙලාවේ
ඇතුලේ අකුණු ගැහුවට
පිටට එලියවත් පෙන්න නොදුන්නේ
ඇයි කියන්නත් මං දන්නෑ..
ඒ මගේ හැටි වෙන්නැති.. ඔයා ඒ ගැන මොනා හිතුවත්
මට ඒක වැඩකුත් නෑ..
ඉතින්,
ඔයාගේ ඔය හීන හොයාගෙන යන්න.
ඔයාට නොපෑහෙන හීන
මම බලන්නම්..
පරිස්සමින් යන්න..
ගිහින් ජීවිතයේ කූඩු හදාගන්න..
මමත් එහෙම කරන්න බලන්නම්..
සමහරවිට
ටික කාලෙකින් පුළුවන් වේවි..
සමහරවිට බැරිවේවි..
හැමදාම එකම තැනක ඉඳීවි..
ඒත් ඒ වෙන දේ
දැන්ම මගෙන් අහන්න එපා..
මට කරන්න කියන්නත් එපා..
මොකද..
ඕක ඔයාගේ වගේම මේක මගේ
ජීවිතේ..
මගෙ ආදරේ නාමයෙන්
සුබ ගමන් ඔයාට..



No comments:

Post a Comment

 

Sample text

Sample Text