වැහි කුණාටු
අහසට
කේඩෑරි කෝටු අතපය
ඉහලට ඔසවන් ඇසූවත්
බුම්මාගත් ඒ ගගනතම
දෙන්නෙ වැහි කදුළු සීතලට..............
අද වගෙම අතීතෙක
ගියා දුවෙ නුඹෙ පියා
සනුහරේ තලන අත්පුඩි මැදින්
කතා කරනට යුතුකම් බෑගයක්
කරලාගෙනම හන්දියේ තිබු මහ
සෙනඟ ගොන්නක් අතරට................
මඩපාට ගැහුණු හොදම සුදු
සරමට කමියක් ඇගලාගෙන
දැවෙන පපු ගින්දරෙන් ගෙයි
බත පිසින්නට ඉඩ නොලද
ගිනිමලත් යුධ වදින මධ්‍යහනකම...........
මැලවිලා යටට ගිලිච්ච බොරපාට
පිරිමි ඇස් දෙකෙන් කිවුවෙ
බේරි බේරි ගත සිඹින ඩා බිදට
දෙන්න කියමින් යහපත් සධාරණය.....................
රතුපාට රතු දිනය සමරමින්
හැන්දෑවෙ ගෙදර ආවත් හිස් අතින්
නොකිවු කතා ගොන්නක්
පපු මැදම අත ගාමින් රැයේ
හූල්ලනවා ඇහුණා නින්දටත් උරණව...................
තැන තැනින් හිල් රටා වැටුණු
කළු හම් බෑගයක් දකුණට ගෙන
පහුවදා අලුයම නැග්ගත් පොරකා
ලංගමේ බස් එකක වාර ප්‍රවේශය අතැතිව
හිල් වෙච්ච පොකැට්ටුවෙ අඩිය
මාසෙ අන්තිම හිනාවෙද්දි
විඳි සියල්ලම වහා ක්‍රියාත්මක වන
පරිදි අත්හිටුවා රාජකාරයි ඔහුගෙ..............
උඹ දන්නවද මගෙ දුවේ
පහුවෙච්ච අවුරුදු ගානටම
නොකිවු රහසක් නම් උඹට
ගෙදර එන අතරමඟ උඹෙ පියා
අරන් ගොස් නාදුනන උන්
යකඩ බටයක උණ්ඩයෙන්
දී තිබුණා අයිතිවාසිකම් ඉල්ලාපු.....................
දිනිති දීපිකා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment