Pages

Tuesday, May 1, 2012

එපා විඳින්නට තව දුක


කඳුළු එක්ක හිනැහෙන විට අහිමි ආදරේ
සිතට දුකක් දැනෙනා බව සත්තයි සොයුරේ
ඒ උනාට අහිමි මතක තියන් හදවතේ
ඉන්න එපා හැමදාමත් දුකට තුරුළු වී


පරණ මතක වදදෙන විට හිතම අවුලලා
දැනෙනා ගිනි නිමක් නැතත් හදවත දවනා
අහිමි ආදරේ වෙනුවෙන් තව හඬන්නෙපා
නොමැත එයින් සැනසීමක් ඔබහට ලැබෙනා

වත්තම් කර හිතත් අරන් ජීවිතේ සොයා
සොයා ගන්න නවමු මගක් ඔබට ගැලපෙනා
සුසුමන් මත දුක තියලා ඈතට යවලා
ආයෙත් නුඹ හිනාවෙන්න ආදරේ සොයලා

No comments:

Post a Comment

 

Sample text

Sample Text