සිනා පොදක් නැති තොල් පෙති හරි හැඩය
දා බිඳු රැස්ව දිලිසෙන නාසය දිගුය
බොර පැහැ දෑසෙ බැල්මන් ඇවිලෙන සුළුය
යාවූ දෙබැම නපුරුයි නුඹටත් වැඩිය
රළු හඬ ස්වර හාරයි හදවත් කුටිය
හිසකේ අක් බමරු මුත් අංජන කලුය
තලෙලුය මුහුණ දෙකොපුල් පැහැයෙන් අඩුය
උළුවස්සට තරම් සිට ගත්තම උසය
පියවර මනින්නේ ඇත් රජිදෙකු ලෙසය
පුළුලුරතලය ඔප් නංවයි ගත එඩිය
පිටතින් දරුණු ඇතුලත සුසිනිදු සිතය
මේ මා මෙතෙක් දුටු සොඳුරුම මනු රුවය
No comments:
Post a Comment