skip to main |
skip to sidebar
හීන
පුංචි පුංචි හීන රැසක
උරුම කාරි මම්
පාට තැවරු හීන එක්ක
දුරක ගියා මම්
දුහුල් සේල ඇඟ දවටන්
සුරංගනාවන්
තාලයකට පාද තබා
රැඟුම් රඟති දැන්
වලාකුළක යහන තනා
නුඹේ ලඟින් මම්
සැතපෙන විට තුරුල් කරන්
නුඹ ඉන්නවා නම්
දෙනෙත පියා සිප ගන්නම්
නුඹේ දෙකපොල් දැන්
ආදරයේ කෝඩු කාර
සිතුවිලි ලඟ මන්
දඟ කරනා නුඹේ සිතුවිලි
සසල වුනොත් නම්
වළාකුලෙන් බිමට වැටිලා
ඇහැරවෙවි මම් . . . .
No comments:
Post a Comment