Pages

Sunday, June 10, 2012

එපා රත්තරං අහක බලාන ඉන්න


එන සතියෙත් ශනිදාවෙ වෙනදා වගේම
මම එනවා ඔබේ ලස්සන මුහුණ බලන්න
මෙ සතියෙ ශනිදාවෙ උනා වගේම
එපා රත්තරං ඔයා අහක බලාන ඉන්න

මගේ හද පත්ලේ ඇති ආලය කියාල දෙන්න
මෙලොව කිසිම වදනක් නෑ එය පවසන්න
ඒ තරම්ම මම ආදරෙයිනේ ඔබ හට හැමදාමත්ම
එපා රත්තරං ඔයා අහක බලාන ඉන්න

මගේ ආදරේ ඔබ හට තියෙන තරම්ම
ඔයත් මට ආදරෙයිනේ කියලා යන්න
එක සැරයක් හිනාවෙලා මදෙස බලන්න
එපා රත්තරං ඔයා අහක බලාන ඉන්න

සමීර සදරුවන් බණ්ඩාර

1 comment:

 

Sample text

Sample Text