Pages

Saturday, June 2, 2012

මනුස්සකම සොයමි

මනුස්සකම කලඳක් සොයමි
හෙම්බත්ව බිම වැටුණ
විසල් රූස්ස ගසක් මෙන්
හදවත තෙතමනයේ දායාවේ
මනුස්ස කම සොයමි.....

දුටු දුටු නෙත් පැහැර නොගත්තද
මන බඳින කතා විලාශය නැති වුවද
දැවෙන හිත් සනසන්න හැකි
එකම වඳනකින් සංතාන සිතක්
තවන්නට හැකි
මනුස්ස කම සොයමි...

නව මසක් කුස හොවා සිටි
කිරිකැටි සිහිති රුව
මස් කැබැල්ලක් සේ මහමඟ
කුණු බක්කි ඇතුළට දමා යන
යකඩ හිත් යන්තමින්වත් උණුවෙන
මනුස්සකමක් සොයමි....

ඉහළට යන විට දිරියෙන් හයියට
පහල සිටි කකුල් වෙට්ටු දමා
හෙට්ටු වී කාලයත් කා දමා
වෛරයේ ඉරිසියාවේ ‍දැවැන්ත
කන්ද පෙරලන්නට ඇබින්දක හෝ
මනුස්සකමක් සොයමි...

මහ පොළව මත ප්‍රාණියකු විලස ඉපදී
පරපණට ලංසු තියන
විදුලි සැර වැදුනා සේ සිත් මත
පැසව පැසවා ලාවා ගලන
ගිනි කඳු තරම් කුහකත්වයේ
දීනත්වය පරාජය කරන්නට හැකි
මනුස්සකම සොයමි.







දිනිති දීපිකා

No comments:

Post a Comment

 

Sample text

Sample Text