Pages

Sunday, June 10, 2012

මනුලොව අත්අරිමි


කලුවර විනිවිදිමි කවුලුව තුලින් ......එබී
රතු තරැ පොකුරැ ගගනත මුදුනටම නැගී
පෙරමග කියයි උනුසුම ගැන උවම් ..දිදි
මගේ හදවතත් සියුමැලි උනුසුමක් ...යදී.....

ඉනිමං නැතත් නිල් අහසට .නගින්නෙමි
පාවෙන වලාකුලු අතරින් ..එබෙන්නෙමි
රතු තරැ අතර නිල්තරැ යුවලක් ..සොයමි
ඒ තරැ යුවල ඔබේ දෙනුවන් මත ...තබමි

මම මේඝයක ගොරහැඩි බව .........පරදවමි
අකුනක නගිමි අකුනක සර ..........පතුරවමි
ඔබ දෙස බලමි දෙනෙතින් පතුලට .කිදෙමි
සුලු මොහොතකට මේ මනුලොව .අත්අරිමි

පරණ ලියනගේ තිලක් දයාසිරි

No comments:

Post a Comment

 

Sample text

Sample Text