skip to main |
skip to sidebar
නුඹ
දිනෙක ආවා මගේ ලොව වෙත
පහන් දල්වා සොයුරු ප්‍රේමෙන්
නොදැනීම අපටත් හොරෙන්
දොඩමළු වුනා අපසිත්
තත්පරෙන් තත්පරය
ගෙවනවාවත් නොදැනෙන ලෙස
නුඹේ සෙනෙහස එකළු කලා මගෙ දිවිය....
සුන්දර දිනයක
නුපුරුදු හැඟුමක් හිතේ දරාගෙන
ආවා නුඹ මවෙත
ඉල්ලුව මසිත
සින්නක්කරේටම ලියා ගන්නට
නමුත්....
මසිතට අවනත නොවී මම
පිටුපෑවා නුඹට
එතැන් පටන් විදෙව්වා දිවියම
මතක් වී නුඹේ සෙනහස
අද ඇවිත් නුඹ නැවත
කරකාර බැඳන් තවෙකුගේ සිත ආදරෙන්
අනේ මාගෙ සිත කෑලී වී යනවානම්
නොසිතන්නට නුඹ ගැන
නොපතන්නට නුඹවම
හැකිවේවි එවිට මට
යන්න නුඹ මගෙන් ඈතට
පින්සිද්ද වෙයි නුබට
දනිමි නුඹ ලතැවෙන බව තවමත් මා ගැන
නමුත් රත්තරනේ නොහැක
සිදලන්න නුඹගේ ආදර කූඩුව......
No comments:
Post a Comment