Pages

Tuesday, May 8, 2012

පිටි මිල

උම්බෑ උම්බෑ
පිටරටින් ගන්නෙ ඇයි?
ගනිව් අපගේම උක්කුං
මෙරට කිරි හරක් ටික
කියන දේ වැකුණි කණ
ගෙනත් බවුසර් පිටින්
අප රටේ හරක් කිරි
හලා කළ රංගනය
නියමෙටම කළා බං


ඒ අනුව කිරි පිටියෙ
මිලත් නැග්ගුව යසට...
බලාපන් මොළේ හැටි...

ඉන්ධනත් අහස ලඟ
ඉතිහාසෙ වැඩිම උඩ
ගෑස් පෙන්නුව අපට
අපෙ හුලං බහින්නම

යුද්දෙ දිනුවොත් එහෙම
සුරලොවක් මවනවැයි
මවපු ඒ සුබ සිහින
ආ.....හ්...මල්...

යුද්දෙ විකුණං කන්න
තාම පුළුවන් යසට
යාපනේ මැයි රැළියෙ
කොටි කොඩියෙ රංගනය
නියමෙටම වැඩකලා..
ඒත් ඒ ගොබ්බයින්
වැඩේ චොර නොකළ නම්
ඉදිරි කාලය සුබයි
කන්න බොන්නට නැතත්

යුද්දෙ නිම කළ නිසා
රටම හොරකම් කළත්
දීපල්ල අපිට තොපි
හැමදාම මනාපය
දුන්නත් නුදුන්නත්
අපියි රජවරු මෙලක

අපි විතරක් රජවරු
උඹල ඉන්නකල්
කාපල්ලා පිදුරු
බත් වෙනුවට..


Samanola Wijayarathna

No comments:

Post a Comment

 

Sample text

Sample Text