පුර හඳක් නැති අන්ධකාරේ
තනිව තරුවක් දිලෙන මොහොතේ
හෙමි හෙමින් හිත පුරා පැටලී
නීල නෙතු මගෙ හදට ආවේ...
හිනා වී ඉඳ දෑස මානේ
මෙතෙක් නොඇසූ රහස් කීවේ
හිතම හිරවී රහස මත්තේ
හැඟුම් අසබඩ දඟ කළා වේ...
හමා ඇදෙනා සිහිල් පවනේ
රැලි වෙලෙන විට පපුව මත්තේ
හදෙහි හැංගී මටත් හොරැහේ
උණුසුමින් මට සුවය දෙන්නේ...
පැතුම් ගලනා සිහින නදියේ
දියවු සෙනෙහෙන් බිඳක් පෙවුණේ
මටම අමතක උණු නිමේශේ
මගෙ ලයට නුඹ හුස්ම දෙන්නේ...
මගේ තෙහිතම ගෙන තුරුල්ලේ
මගෙන් නාහම අරන් යන්නේ
මතක මං පෙත රැඳුනු ළඳුනේ
ඉදින් මගෙ හිත නැතිදේ දෙන්නේ......
No comments:
Post a Comment