ලස්සන දුටු විට සුරගනක ලෙසින්
මටත් හොරෙන් කදුලැලි නෙතු පුරවා යනවා
ජීවන ගමනේ හැඩ වැඩ දැමු දූ කුමරිය
මා තනිකර ඔබ අද දීගෙක යනවා
මා මෙලොවේ තනිකර එලිය දුටු දිනයේ
ඉසිලිය නොහැකි විය බර තනි දෙපයේ
වාරුව නැතත් සිට ගන්නට දෙපයින් පොළොවේ
සුරතල් හැඩකාරිය මං කියාදුනි කතරේ
දෙන්නට නොහැකි වුනි මව් සෙනෙහස එපරිද්දෙන්
සහෝදරයෙක් විය විටක යහළුවෙක් අමතක කර පිය පදවිය
ඔබ දිනනා විට ජය කොඩි ලෙලදෙන්නට හිස අහසේ
තනි නොකලෙමි මා ආදරවන්තිය ජිවත් වෙයි සිත් ඇතුලේ
කදුළු ඇතත් දුක කියන්න සාගරයක් පිරෙන්නට
නොවටුනේ කදුලක් ඉදිරියේ ඔබට පෙනෙන්නට
තනිවෙමි මම දිවියේ හුදකලාව සොයන්නට
නික්ම යමි සුබ පතා විදිමින් ගෙවන්නට යුග දිවියේ
Sachith Nadeeshan
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment