Pages

Tuesday, May 8, 2012

හදවතේ ගින්දර

අග මුල සොයනු කෙලෙසද
පැටලුනු නූල් බෝලයක් වැනි සිත
සිසිලස ගෙනෙන සුළඟම
චණ්ඩ මාරුතයක්ව එනකොට

නැහැගට දැනෙන සුසුම් සිසිලස
විඳිනා නමුදු නැහැග


වටහා ගනීවිද කිසිම දවසක
සුසුම උපන් හදවතේ ගින්දර

දෙකොපුල් තෙමන කඳුළු බිඳුවල
රැඳුනා තමයි හිම මිදෙන සීතල
කඳුළු උල්පත පමණි දන්නේ
කඳුළු උපතට හේතු වුනු දෙය


Thushara Disanayaka

No comments:

Post a Comment

 

Sample text

Sample Text