Sunday, May 13, 2012
කොඳ මල් හිනැහෙනු දුටිමී
දුවිලි දුම් සමග එතී
හදවත සිරකරපු හැටී
කුටියේ තනිවෙන හැමවිට
මගේ සිතට හෙමින් වදී........
සාංකාව කැරලි ගැසී
මට කරදර කරපු හැටී
නෙත් පියවෙන ඇසිල්ලකින්
නෙත් අභිමුව ඇඳී යතී.........
අනන්තවු කුරැලුගතී
නිරන්තරේ පැතිර ඇතී
නුඹේ හදවත් උයන් තෙරේ
කොඳ මල් හිනැහෙනු දුටිමී.........
පරණ ලියනගේ තිලක් දයාසිරි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment