
කැරලි කොණ්ඩය පීරලා
පොත් මිටිය ගෙන පා වැඳලා
යහගුණය මට පෙන්වලා
දියණි යයි විදුමව සොයා ...
මුව පැටකු සේ අහිංසක කිරිල්ලි
පාසල් බිමේ ජය කෙහෙළිය නන්වන්නි
හිත ඇදී සේම රන් දියණිය දිලිහෙන්නි
මා මවු උනේ පෙර පිනකට හගවන්නි
පාසල් ගොසින් නිවසට පියමනින ඇය
ගේ වට නොපෙනුනොත් මා සිටින වග
නාහෙන් අඩා අම්මා අනේ අමමා කියන සෙය
දකිනා කලට මා සිත උණු කඳුළු විය..
දෙවුලියෝ ඇවිත් සිහිනෙන් ඇ ළඟ දැවටී
මේ සුර කුසුම අප ගෙනයන්න්ද අසති
සිහිනෙන් උවත් මා බිය වී ඇහෙරෙද්දී
මා ගත අසල මගේ රන් දූ නිදි සුවෙනි...
මවුපිය අපේ යහ නම මතු රන්දාලා
මගේ රන් දියණි වැඩියන් සිත සනහාලා
ගුණ නුවණකින් වැඩි දරුවකු සේ විලා
බුදුසරණයි දුවේ අපේ ජීවිත තියෙන තුරා ....
Chanchala Menaka
No comments:
Post a Comment