වේළුපිල්ලේ,දැන්වත් බලාපන්එකම එක ඇසක්වත්විවර කරලා මේ පැත්ත.කෙම්මර පද වලට,කෝල්මුර ගැයෙන හඬට,සනීපෙට නින්ද යනවා තමයි.
ඒත් බලාපන් එකම එක ඇහැක්වත්විවර කරලා විමසිල්ලෙන්.උඹේ භක්තිවන්තයින්ටනොමිලේම දුන්නු පිහිටඅජීවී මොනරුන්ගේ පිහිටෙන්හොරපාරේ විකිනෙනකොට,දහසින් බැඳී පියලි වලින් මිලසුවඳ දුම් උරන ගැටවරයින්සැරිසරනවා එලොව මෙලොව.විමසිල්ලෙන් අහන් ඉඳපන්උඹේ සවන්පත් දුසිමෙන්මහළඹ හඬවන හඬට යටවුනුහෝරා ගණනට මිල කෙරෙනකන්‍යාවන්ගේ හදවත් හඬන හඬ.වේළුපිල්ලේ,හනික වරෙන් ඔය මළ බැඳුනුවේලායුධයත් පනපොවාගෙනමඇසල පෝයට කලින්.එහෙම නොවුනොත් මෙදා පාරත්ඇසල මංගල්ලයදාටආලත්ති අම්මලා බුලත් කෙල ගසාවි.හැබැයි,උඹේ මුහුණට.
Thushara Disanayaka
No comments:
Post a Comment